රුසියාව සතු විදේශීය වත්කම්වලින් යුක්‍රේනයට යුද ආධාර

රුසියාව සතු විදේශීය වත්කම්වලින් යුක්‍රේනයට යුද ආධාර

රුසියාවේ වත්කම් රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්‍රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට ඉතාලියේ පැවැත්වෙන G-7 රාජ්‍ය නායක සමුළුවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව,G-7 නායකයන්ගෙන් යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 50ක මුදලක් යුද ආධාර ලෙස හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට වසර දෙකකට පෙර, රුසියාව, යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ, යුක්‍රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් නිසාවෙන්.

නේටෝ සංවිධානය යනු රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව අමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.

G-7 කණ්ඩායමට අයත් රටවල් බොහොමයක් නේටෝ සාමාජිකයන් ද වනවා.

යුද ආධාර වශයෙන්, G-7 නායකයන් යුක්‍රේනයට ලබා දෙන්නේ, විදේශවල ඇති අත්හිටුවන ලද රුසියානු වත්කම් බව සඳහන්.

මෙම රුසියානු වත්කම් අත්හිටුවීම සිදු කර ඇත්තේ, රුසියාව යුක්‍රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදීයි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 50ක එම මුදල යුක්‍රේනයට ලබාදීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ දී බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This