රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ගුණාත්මකයි – රුසියානු විදේශ අමාත්‍ය

රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ගුණාත්මකයි – රුසියානු විදේශ අමාත්‍ය

රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ගුණාත්මකව උපායමාර්ගික මට්ටමකට පැමිණ ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසනවා .

උතුරු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ලබාදුන් සහයෝගයට ස්තූතිය පුද කර ඇති අතර ඔහුගේ මෙම සංචාරය ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ටද උතුරු කොරියාවේ සංචාරයක් සඳහා හේතු සපයනු ඇති බවයි වාර්තා වන්නේ

පසුගිය සතියේ එක්සත් ජනපදය කියා සිටියේ උතුරු කොරියාව යුක්‍රේන යුද ගැටුම්වලදී භාවිතය සඳහා රුසියාවට විශාල ආයුධ තොගයක් යැවීමට පටන් ගෙන ඇති බවයි.

මීට පෙර ජූලි මාසයේදී රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ද උතුරු කොරියාවට ගොස් හ්වාසොං අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඇතුළු රටේ නවතම ආයුධ නරඹනු ලැබුවා .

නිල පිළිගැනීමේ උත්සවයකදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මොස්කව්හි සම්පූර්ණ සහයෝගය උතුරු කොරියාවට ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා .

කෙසේ වෙතත්, යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා මොස්කව් පියොංයැන්ග් වෙතින් ආයුධ මිලදී ගන්නා බවට වොෂින්ටනය අනතුරු අඟවා තිබෙන බවද සඳහන්

සැප්තැම්බර් මස මුලදී උතුරු කොරියාවේ නැන්ජින් වරායේ සිට රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඩුනේ වෙත බහාලුම් 300ක් නැව්ගත කර ඇති අතර පසුව යුක්‍රේන දේශසීමාවට ආසන්නව පිහිටි ටිකෝරෙට්ස්ක් අසල හමුදා ගබඩාවකට ප්‍රවාහනය කර ඇති බවද චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වා දී තිබෙනවා

Share This