රුසියාව සහ යුක්රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද
රුසියාව සහ යුක්රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද බෙලරුස් , පෝලන්ත දේශසීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්වා හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.
රුසියානු පාර්ශවයේ නියෝජිතයන් මේ වන විට බෙලරුස් වෙත පැමිණ ඇති අතර යුක්රේන නියෝජිතයන් ද අදාළ ස්ථානයට පැමිණීමට පිටත්ව ඇති බව Mykhailo Podolyak පවසනවා.
සටන් විරාමයක් ක්රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද අද පැවැත්වෙන හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.