
රූපවාහිනී විකාශන ඩිජිටල්කරණයට සැරසෙයි
ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුණා. මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම මේ මගින් සිදුකෙරෙනවා.
මෙම DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ජපන් ඉංජිනේරු උපදේශකයින් ඇතුලු වෘත්තිකයින් පිරිසක් පැමිණියා. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අතිනවීන 4K ඩිජිටල් ස්ටුඩියෝ සංකීර්ණයක් ද ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නරඹන්නෙකුට ම අධි විභේදන (HD) තාක්ෂණයෙන් නැරඹීමේ හැකියාව හිමි වනු ඇත.
ඩිජිටල් පද්ධතියේ ඉහළ වර්ණාවලි කාර්යක්ෂමතාව හරහා එකම වර්ණාවලිය තුළ අමතර රූපවාහිනී නාලිකා සඳහා විශාල ධාරිතාවක් වැඩිදියුණු කිරීමට එය ඉඩ සැලසේ. මේ අනුව නරඹන්නන් සඳහා උසස් තත්ත්වයේ ඩිජිටල් නැරඹුම් අත්දැකීමක් සහ විකාශකයින් සඳහා කරදරයකින් තොර තාක්ෂණික මෙහෙයුම් ලබාදෙනු ඇති.
මීට අමතරව මෙහි තවත් ප්‍රධානතම වාසියක් වන්නේ, මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමග නිදහස් වන සංබ්‍යාත පරාසය, ප්‍රධාන වශයෙන් 700Mz Band එක, 5G තාක්ෂණය ශ්‍රි ලංකාවේ ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ග්‍රාමීය ප්‍රදේශ වලට broadband අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුලු විදුලිසංදේශ සේවාවන් පුළුල් කිරීමටත් යොදාගැනීමට හැකියාව ලැබීමයි.