රේගුවේ නිෂ්කාශන තදබදය ඉහළ යාමට හේතුව හෙළිවෙයි

රේගුවේ නිෂ්කාශන තදබදය ඉහළ යාමට හේතුව හෙළිවෙයි

දෛනිකව ආනයනය කෙරෙන 700ක් පමණ වන බහාලුම් ප්‍රමාණය දිනක් තුළ 1000 ඉක්මවා යාමට හේතුව වැට් වැඩි වීමේ වාසිය අයුතු ලෙස හිමි කර ගැනීමට ආනයනකරුවන් හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම ආනයනකරුවන්ගේ උපක්‍රමය වී ඇත්තේ වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවෙන ජනවාරි මස පළමු වැනිදාට පෙර මෙම භාණ්ඩ නිෂ්කාශන කටයුතු අවසන් කර ඒවා අලෙවි කිරීමේ දී වැට් සහිතව ආනයනය කළ භාණ්ඩ ලෙස ඉහළ මිලකට අලෙවි කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

මේ අතර ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ වැට් බද්දට යටත් කළ ද වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් අහිමි වන ආදායම තුලනය කිරීම සඳහා මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ඉහළ යන බව ද රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

Share This