ලංකාවේ ගැහැණු හරි අඩක්ම මහතයි

ලංකාවේ ගැහැණු හරි අඩක්ම මහතයි

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසනවා.

ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම අපි ස්ථුලතාවය කියන කාරණය අමතක කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ලංකාවේ මන්දපෝෂණය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර ළමා ස්ථූලතාවය වැඩිවීගෙන යන බව සඳහන්.

කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවයෙන් පෙළෙනවා.

එනිසා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි පුවත්පත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This