ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයෙන් Dambulla Aura කණ්ඩායමට ජය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයෙන් Dambulla Aura කණ්ඩායමට ජය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම අද (01) සමත් වුණා.

ඒ, කඩුලු 8කින්.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා පිති හරඹක නිරත වූ Charith Asalanka පන්දු 52කදී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම Towhid Hridoy ලකුණු 24ක් සහ David Miller ලකුණු 14ක් ලබා ගත්තා.

ලකුණු 130ක ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

මේ අතර තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි

Share This