ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්

ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්

ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයා තිබෙනවා.

ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වා තිබෙනවා.

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබෙනවා.

රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බවයි ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා සඳහන් කළේ.

Share This