
ලක්ශ 41 ක හොර සිගරැට් සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් හතලිස් එක් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ආඩිඅම්බලම ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්යාපාරික කාන්තාවක්.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය පැමිණ තිබුණා.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 137 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.