ලක්ෂ්මන් යාපාටත් අධි චෝදනා

ලක්ෂ්මන් යාපාටත් අධි චෝදනා

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කෙරුණා.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිවද එහිදී අධි චෝදනා පත්‍ර ගොනු කෙරුණු අතර අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දීමටද කටයුතු කෙරුණා.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා යළි කැඳවීමට ද දින නියම වුණා.

Share This