
ලක්ෂ 70 කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැලිගම නිවසකින් හසුවේ
වැලිගම-මිදිගම නාකන්දවත්ත ප්‍රදේශයේ වැලිගම සහ මිදිගම පොලිස් ස්ථානවල පොලිස් කන්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේ (27) එක්ව සිදුකළ වැටලීම්කදී හෙරොයින් 150g සහ අයිස් මත්ද්‍රව්‍ය 350g සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
වැලිගම පොලීසිය පැවසුවේ ඉදිකරමින් පවතින නිවසක දර ගොඩක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවකට (70) අධික බව පොලිසිය සඳහන් කළා.
මෙම මත්ද්‍රව්‍ය සොයාගත් නිවස සහ ඉඩම මාතර පොලිස් නිල සුනඛ අංශය යොදාගෙන සෝදිසි කිරීම් කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය පැවසුවා.
