
ලකුණු 82කට සීමා වූ සිම්බාබ්වේ ඉනිම
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 82ක් ලබා ගත්තා.
එහිදී වනිඳු හසරංග කඩුලු 4ක්, ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වුණා .
