ලන්ඩනයේ ගැටුමකින් සිව් දෙනෙකුට තුවාල

ලන්ඩනයේ ගැටුමකින් සිව් දෙනෙකුට තුවාල

ඉරාන රජයට සහය දක්වන්නන් සහ රාජ්‍ය විරෝධී පිරිස් අතර ලන්ඩනයේ දී ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගියදා ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි වෙනුවෙන් ලන්ඩනයේ පැවති උත්සවයක් අතරතුර දී එම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පිරිස් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව මෙම සිදුවීමට සම්බන්ධ තවත් පිරිස් ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි ලන්ඩන් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This