ලන්ඩන් හි පැවති විරෝධතාවයකදී හත් දෙනෙකුට චෝදනා – 145ක් අත්අඩංගුවට

ලන්ඩන් හි පැවති විරෝධතාවයකදී හත් දෙනෙකුට චෝදනා – 145ක් අත්අඩංගුවට

ලන්ඩන්හි සටන් විරාම දිනයට සමගාමීව පැවති පලස්තීන ගැති පෙළපාලියේ දී වාර්ගික වෛරය ඇවිස්සීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් හත් දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා .

වයස අවුරුදු 23 ත් 75 ත් අතර වයස්වල පසුවන මෙම පුද්ගලයින් හත් දෙනාට ආයුධ සන්තකයේ තබා ගැනීම, මහජන සාමය කඩ කිරීම , මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ හදිසි සේවකයෙකුට පහරදීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

මේ අතර එරට පොලිසිය පවසන්නේ පුද්ගලයන් 145 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි

නිලධාරීන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුදෙව් විරෝධී වෛරී අපරාධ ඇතුළු අනෙකුත් වැරදි පිළිබඳ විමර්ශන දිගටම කරගෙන යන බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ .

ගාසාහි සටන් විරාමයක් ඉල්ලා මධ්‍යම ලන්ඩනය හරහා 300,000ක පමණ පිරිසක් විරෝධතාවය දක්වමින් පෙළපාලි ගිය බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This