ලබන මාසෙ සිට දුම්රිය ස්ථාන 100 ක් “පොෂ්” වෙයි (VIDEO)
උඩරට දුම්රිය මාර්ගයට මූලිකත්වය ලබා දෙමින් දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව බදුල්ල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවා.