ලබන 12 වැනිදා IMF සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

ලබන 12 වැනිදා IMF සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

ලබන 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්‍රි මහතා පවසනවා

අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව හැකියාව ලැබෙන බවයි

එමෙන්ම, ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිව ඇති බවත් ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසුවා

මීට අමතරව, එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

Share This