ලයිබීරියාවට ප්‍රථමවරට යුද අපරාධ අධිකරණයක්

ලයිබීරියාවට ප්‍රථමවරට යුද අපරාධ අධිකරණයක්

ලයිබීරියාවේ පළමු යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ විධායක නියෝගයකට ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි අත්සන් තබා තිබෙනවා.

පුද්ගලයන් 250,000ක් ඝාතනය කළ සිවිල් යුද්ධ දෙකක් අවසන් වී වසර 20කටත් වැඩි කාලයකට පසුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1989-2003 ගැටුම් සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ සහ ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම ඇතුළු කුරිරු ක්‍රියා ලයිබීරියාවේ සිදුවුණා.

කෙසේ වෙතත් ලයිබීරියාවේ විද්වත් විවේචකයින් මෙම අධිකරණය ආරම්භ කිරීමට විරුද්ධ වී තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ යුද අපරාධ අධිකරණයක් විවෘත කිරීම මගින් පැරණි තුවාල නැවත විවෘත කිරීමේ අවදානමක් ඇති බවයි.

නමුත් ප්‍රචණ්ඩත්වයේ හේතු සහ ප්‍රතිවිපාක සෙවීමට සහ යුක්තිය සහ සාමය ගෙන ඒමට මෙම අධිකරණය වැදගත් බවයි ලයිබීරියානු ජනාධිපතිවරයා පවසන්නේ.

ලයිබීරියාවේ මිත්‍ර රටවල් ද මෙම පියවර පිළිගෙන තිබෙනවා.

ලයිබීරියාවේ අමෙරිකා තානාපති කැතරින් රොඩ්‍රිගස් පවසන්නේ සිදු වූ සාහසික ක්‍රියාවන් සඳහා යුක්තිය සහ වගවීම ගෙන ඒමට ලයිබීරියාවේ ජනාධිපතිවරයා ගත් තීරණය ප්‍රශංසනීය බවයි.

Share This