
ලලිත් – කූගන් අතුරුදන් කිරීමේ පරීක්ෂණ සඳහා ඥාතීන් සී.අයි.ඩී. කැඳවයි
ලලිත් සහ කුගන් සහෝදරවරු පැහැරගෙන අතුරුදන් කිරීමට අදාලව ඉල්ලා ඇති විමර්ශනය සඳහා ලලිත් කුමාර් වීරරාජු දෙදෙනාගේ සහෝදරියන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව අද උදෑසන කැඳවා තිබුණා.
මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ලලිත් කුමාර් වීරරාජ් ගේ පියා වන ආරූමුගම් වීරරාජා මහතා සහ සහෝදරියන් දෙදෙනා පැමිණ පැමිණ සිටියා.
මාධ්‍යයට අදහස් දැක්වූ ආරුමුගම් වීරරාජ මහාතා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධ විමර්ශනන වලට යාපනය උසාවිය සහ කොළඹ උසාවියට අවස්ථා ගණනාවකදී පැමිණිය ද, මෙම නඩුවේ චූදිතයකු වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උසාවියේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබුණ ද මේ වන තුරු ඔහු ඉදිරිපත් වී නොමැති බවයි.
නැවත වතාවක් සී.අයි.ඩී. පරීක්ෂණ සඳහා තමන් ඇතුළු පිරිස කැඳවා ඇති බවත් වත්මන් රජයෙන් සාධාරණයක් ඉෂ්ට වේ යැයි විශ්වාස කරන බවත් පැවසුවා.
