
ලසන්ත ඝාතන නඩුවේ අමුතු තීන්දුව
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන්ට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව අදාළ චූදිතයන් නිදහස් කළ හැකි බව අදාළ නඩුව විභාග කරන ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයාට දැනුම්දිය යුතු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් මෙම තීරණයට ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන දැඩි ලෙස විරෝධය පළ කරනවා.