ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඉදිරි උත්සව සමය සැළකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබුණා.

ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවනු ඇති.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ ගියා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,985ක් ලෙසයි.

Share This