ලැව්ගිනි නිසා රුසියාවේ හෙක්ටයාර ලක්ෂ 6ක් විනාශයි

ලැව්ගිනි නිසා රුසියාවේ හෙක්ටයාර ලක්ෂ 6ක් විනාශයි

රුසියාවේ Sakha-Yakutia හි හටගත් ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.

එරට මෙතෙක් ලැව්ගිනි නිසාවෙන් හානියට පත්වූ විශාලතම භූමි ප්‍රදේශය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මැයි මාසය ආරම්භයේ සිට Sakha-Yakutia හි ස්ථාන 170ක් ලැව්ගිනි තත්ත්වයන්ට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් හෙක්ටයාර මිලියන 2.5ක පමණ වන භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව ඇති බව සඳහන්.

මෙම ලැව්ගිනි තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටයි බලධාරීන් විසින් අනතුරු අඟවා ඇත්තේ.

Share This