ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී රටින් පළා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප්‍රේල් 27 වන දින ඉන්දියාවෙන් පළා ගිය ප්‍රජ්වාල් රේවන්න මන්ත්‍රීවරයා අද(31) අලුයම ජර්මනියේ සිට බෙංගාලෝර් වෙත පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් තමාට එල්ල වී ඇති චෝදනා සියල්ල රේවන්න මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

33 හැවිරිදි මන්ත්‍රීවරයා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සහය පළ කරන ”ජනතා දාල්” පක්ෂයේ මන්ත්‍රීවරයෙක්.

බලගතු දේශපාලන පවුලකට අයත් රෙවන්නා මහතා දකුණු කර්ණාටක ප්‍රාන්තයේ ”හසන්” මැතිවරණ කොට්ඨාශයෙන් නැවත තේරී පත්වීමට අපේක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This