
ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ
මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ලිට්‍රෝ 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්, 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් සහ 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසයි දැක්වෙන්නේ.