ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343කින් ඉහළ දමන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3,470ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650ක්.

Share This