ලෙබනනයේ පිපිරීම් මාලාවක්

ලෙබනනයේ පිපිරීම් මාලාවක්

ලෙබනනයේ බේරූට් සහ තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

තුවාල ලැබූ තවත් 2,800ක් අතර ලෙබනනයේ ඉරාන තානාපතිවරයාද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකර ඇති බව හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරන බව සඳහන්.

Share This