ලෙබනනයේ සාම සාධක රාජකාරි සඳහා යුද්ධ හමුදා 121 පිටත් වේ

ලෙබනනයේ සාම සාධක රාජකාරි සඳහා යුද්ධ හමුදා 121 පිටත් වේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා 16 වන යුද්ධ හමුදා කණ්ඩායම පසුගියදා (02) දිවයිනෙන් පිටත්ව ගියා.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි භාරගැනීම සඳහා මෙරටින් පිටත්ව ගිය 16 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා බලඇණියට යුද්ධ හමුදා නිලධාරීන් 07දෙනෙකු සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළු 121 දෙනෙකුගෙන් ඇතුළත් වුණා.

කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන්නේ ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා යි.

මෙම කණ්ඩායමට සුභ පැතීම සඳහා යුද්ධ හමුදාපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා.

මේ අතර හමුදා සාමාජිකයන් 114 දෙනෙකුගෙන් සමන්විත වූ 15 වන බලඇණිය ඔවුන්ගේ රාජකාරි අවසන් කිරීමෙන් පසු ජූලි 02 වන දා දිවයිනට පැමිණියා.

 

Share This