ලොව අලුත්ම දූපත ජපානයෙන්

ලොව අලුත්ම දූපත ජපානයෙන්

ලොව මෙතෙක් හමුවී ඇති දූපත්වලට නවතම දුපත ජපානයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දූපත පිහිටා ඇත්තේ ජපානයේ ප්‍රධාන භූමියට කිලෝමීටර් 1,200ක් දකුණින් සහ පැසිෆික් සාගරයේ දෙවන ලෝක යුද්ධයේ දරුණුතම සටන සිදුවූ දිවයින වන අයිවෝ ජිමා සිට කිලෝමීටරයක් ​​පමණ දුරින්.

පැසිෆික් සාගරයේ ජපාන දූපතක් වන අයිවෝ ජිමා වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් ලොව අලුත්ම දූපත හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසන්නේ නම් නොකළ දූපත ගිනිකඳු පිපිරීමකින් සෑදී ඇති බවයි.

Ogasawara දූපත් දාමයට අයත් වන කුඩා දූපතට ඉහළින් ගිනිකඳු පිපිරීම්වලින් හටගන්නා දුම දැකිය හැකි වනවා.

JMA විසින් පසුගිය වසරේ සිට ප්‍රදේශයේ ගිනිකඳු ක්‍රියාකාරකම් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ටෝකියෝ විශ්ව විද්‍යාලයේ භූමිකම්පා පර්යේෂණ ආයතනය සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 30 වන දින දුපත මතුවීමට වූ පිපිරීම සිදුවී ඇති බවයි.

Share This