
ලොව උසම පාලම වන චීනයේ වාජාන් පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ (VIDEO)
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන වාජාන් (Huajiang) පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරුණා.
චීනයේ ග්සාවො (Guizhou) පළාතේ පිහිටා ඇති මෙහි ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් ද වැඩිම පාලම වනවා.
පාලම සහ ඊට පහතින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625 ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.
පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2 ක් දක්වා අඩු වී තිබෙනවා.
මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබුණා.
පහතින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බව එහි නිර්මාණකරුවන් පවසනවා.