ලොව පුරා අවතැන්ව සිටින පිරිස ගැන නවතම අනාවරණයක්

ලොව පුරා අවතැන්ව සිටින පිරිස ගැන නවතම අනාවරණයක්

යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 120කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

දිනෙන් දින ඉහළ යන මෙම තත්ත්වය බරපතළ අර්බුදයක් බවට පත්වනු ඇති බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

ගෝලීය වශයෙන් අවතැන්ව සිටින මෙම පිරිස ජපානයේ ජනගහනයට සමාන වන බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසර අවසානයේදී මිලියන 117.3ක පිරිසක් අවතැන්ව සිටින බව සඳහන් කර තිබෙනවා.

වසර 12ක පමණ කාලයක සිට මෙම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Share This