ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?

ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?

බ්‍රිතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා විශාල ලෙස සැලකෙන ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අයිස් කුට්ටිය ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු අතර දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම විශාල අයිස් කුට්ටිය 1986 දී Filchner-Ronne අයිස් තට්ටුවෙන් කැඩී ගොස් ඇන්ටාක්ටික් හි වෙඩෙල් මුහුදු පත්ලේ තැන්පත් වී තිබෙනවා.

A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය ඝන මීටර් 400 පමණ වන අතර වර්ග කිලෝමීටර් 4,000ක් වනවා.

නමුත් දැන් දශක තුනකට පමණ පසු අයිස් තට්ටුවේ ස්වභාවික වර්ධන චක්‍රයේ කොටසක් ලෙස මුහුදු පත්ලේ ග්‍රහණය නැතිවන තරමට අයිස් කුට්ටිය දියවී ගොස් ඇති අතර දැන් එය චලනය වීමට පටන් ගෙන ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් හි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh පෙන්වා දෙන්නේ.

A23a 1980 ගණන්වල සිට “විශාලතම අයිස් කුට්ටිය” නොහොත් ”largest current iceberg” යන නාමය කිහිප වතාවක්ම හිමිකරගෙන තිබෙනවා.

සාගර තරංග මගින් අයිස් කුට්ටිය නැගෙනහිර දෙසට චලනය වන අතර, එහි වර්තමාන වේගය අනුව දිනකට කිලෝමීටර් පහක් දුරකට චලනය වනවා.

දේශගුණික විපර්යාස ඇන්ටාක්ටිකාවේ අයිස්වල බොහෝ වෙනස්කම් ඇති කරන අතර මහාද්වීපයට සෑම වසරකම විශාල අයිස් ප්‍රමාණයක් අහිමි වන බවයි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This