ලෝකසාමය උදෙසා පාකිස්ථානයේ ධර්මරාජික ස්ථූපයේදී අධිෂ්ඨාන පූජාවක්

ලෝකසාමය උදෙසා පාකිස්ථානයේ ධර්මරාජික ස්ථූපයේදී අධිෂ්ඨාන පූජාවක්

තායිලන්තයේ නකොම්පතොම් (Nakormpathom) විහාරස්ථානයේ වැඩසිටින බලන්ගොඩ ධම්මවීර හිමි, ලෝකසාමය උදෙසා පාකිස්ථානයේ ධර්මරාජික ස්ථූපයේදී අධිෂ්ඨාන පූජාවක් සිදුකලා.

අශෝක අධිරාජ්‍යයා ගැටුම්වලට සමුදී ක්‍රි.ව. 1 වන සියවසේදී සාමය, ප්‍රේමය සහ සහෝදරත්වය පිළිබඳ බුදුන්ගේ පණිවිඩය දේශනා කිරීම ආරම්භ කළ ආගමික ස්ථානය ධර්මරාජික ස්ථූපයයි.

මෙම සුවිශේෂී ධර්මරාජික ස්ථූපය පිහිටි තක්ෂිලාව බෞද්ධයන් සඳහා පූජනීය ස්ථානයක් වනවා.

ඊට හේතුව වන්නේ එය සියවස් ගණනාවකට පෙර ගන්ධාර කලාපය පුරා භික්ෂූන් වහන්සේලා බුද්ධාගම පිළිබඳ දැනුම ලබා ගැනීමට පැමිණ පුද පූජා පැවැත්වූ භූමියවීමයි.

පාකිස්තානය සැමවිටම ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේ උදව් කර ඇති අතර, සෑම ආගමක්ම සාමය හා සහජීවනය ප්‍රවර්ධනය කරන නිසා ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පකිස්ථාන රජය තවදුරටත් පියවර ගනු ඇතැයි බලන්ගොඩ ධම්මවීර හිමි මෙහිදී පෙන්වා දුන්නා.

 

Share This