
ලෝක කුසලානයේ නායකත්වයත් දසුන් ට
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය ද දසුන් ශානක විසින් දරනු ඇති බවයි.
ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වනතුරු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දසුන් ට හිමිවනු ඇති.
