ලෝක බැංකුවෙන් මෙරටට ලැබුණු ආධාරය
ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා.
ලෝක බැංකුවේ මෙරට සඳහා වන අධ්යක්ෂ Faris Hadad-Zervos පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට මූල්‍ය ස්ථාවරත්වයට සහය වීම වෙනුවෙන් අදාළ මුදල අනුමත වී ඇති බවයි.
ලෝක බැංකුව විසින් අදාළ මුදල අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද නිවේදනය කර තිබෙනවා.