
ලෝක රාජ්‍ය සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා පැවැත්වූ ජනපති
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමුවී තිබෙනවා.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් සිදුව ඇති අතර එම හමුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරීම සහ වෙළෙඳපොල විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයින් දේපළ අවධානය යොමු කර තිබෙනවා.
ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද එම හමුවේදී සාකච්ඡාවට ලක්ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එම හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.
ඒ හරහා ශ්‍රීලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇති බව සඳහන්.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද සිදුව තිබෙනවා.
එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්රයන් හී පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ සඳහා ආයෝජකයින් යොමු කරන ලෙස ආරාධනා කර තිබෙනවා.