ලෝක සෞඛ්‍ය සංවිධානය අල්-ෂිෆා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ලෝක සෞඛ්‍ය සංවිධානය අල්-ෂිෆා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ගාසා හි අල්-ෂිෆා රෝහල මරණ කලාපයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ අල්-ෂිෆා රෝහල සංකීර්ණයේ සංචාරයකින් අනතුරුවයි

එමෙන්ම ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි තැබීම් පිළිබඳ සාක්ෂි ඔවුන් දුටු බවත් රෝහල් දොරටුවේ සමූහ මිනීවළක් නිරීක්ෂණය කළ බවත් නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා

ඒ අනුව පුද්ගලයින් 80 දෙනෙකුගේ දේහයන් එහි ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ

කෙසේ වෙතත් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් 300 ක් අල්-ෂිෆා හි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This