වකුගඩු ජාවාරමට විශේෂඥ වෛද්‍යවරුන් සෘජුව සම්බන්ධ බවට අනාවරණයක්

වකුගඩු ජාවාරමට විශේෂඥ වෛද්‍යවරුන් සෘජුව සම්බන්ධ බවට අනාවරණයක්

මෙරට සිදුවන වකුගඩු ජාවාරමට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සෘජුව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්‍ය අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංධානය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ එම වෛද්‍යවරුන්ගේ බලපෑමෙන් භික්ෂූන් වහන්සේලාගේද වකුගඩු ගලවා ඉහළ මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව මේ වන විට අනාවරණ වෙමින් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළා.

Share This