වගා ලිඳකට වැටුණු වන අලියෙක් වන ජීවී නිලධාරීන් මුදාගනී

වගා ලිඳකට වැටුණු වන අලියෙක් වන ජීවී නිලධාරීන් මුදාගනී

කැකිරාව, මොරගොල්ලාගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන කලා වැව රක්ෂිතයට පලවා හැරීමට අද(28) පෙරවරුවේ ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පිරිසක් කටයුතු කළා.

උදෑසන හේන් වගාවට ගිය ගොවීන් පිරිසක් වගාලිඳක වැටී සිටි මෙම වන අලියා දැක ගල්කිරියා ගම වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ලිඳේ එක පැත්තක් කපා අලියා ඉන් පිටතට ගැනීමට කටයුතු කළා.

 

 

Share This