
වත්කම් – බැරකම් නොදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් නඩු
මේ වසරේ මාර්තු 31 වන විට තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දියයුතු නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු කාළය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් බව දැනුම් දෙනවා.
එම කොමිෂන් සභාව පවසන්නේ මේ අගෝස්තු මස 31 වන විටත් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත බාර දීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව 2023 අංක් 9 දරණ දූෂණ විරෝධී පනතේ 90 වගන්තියට අනුව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
ජූනි මස 30 සිට අගෝස්තු මස 31 දක්වා අතර කාලයේ ප්‍රමාද වී බාර දෙන වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතට අනුව දඩ අයකිරීමට පියවර ගනු ඇති.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම දැනුම් දෙන්නේ ජූනි 30 වැනිදායි පසුව ඉදිරිපත් කරන වත්කම් හා බැරකම් ප්‍රකාශන ආයතන ප්‍රධානී බාරගත යුතු බවයි.
යම් හෙයකින් ආයතන ප්‍රධානීන් එම ප්‍රකාශ බාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබදව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමට දැනුම් දෙන ලෙසට ද පවසනවා.
ඒ පිළිබදව පහත සදහන් දුරකතන අංකයට හෝ ඊමේල් ලිපිනයට දැනුම් දිය හැකියි.
දුරකථන අංකය : 0112596359 / 0767011954
විද්‍යුත් ලිපිනය : [email protected]
[email protected]