
වධ හිංසා විදි පුද්ගලයෙකු දින 24කින් පොලිසියට භාර වෙයි
පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක්වූ පුද්ගලයෙකු දින 24කට පසු කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිසියට භාර වී තිබෙනවා.
ඔහු කිලිනොච්චිය පොලිස් වසමට අයත් භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.
වධ හිංසාවට ලු මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට පොලිස් පැමිණිල්ලක් පසුගිය 02 වනදා සටහන් වුණා.
මේ තත්ත්වය තුළ අද අලුයම කැපුම් තුවාල සහිතව අගුලු දමා තිබූ නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයා පලාගොස් කිලිනොච්චිය පොලිස් ස්ථානයට පැමිණ භාර වී තිබෙනවා.
තමන්ව කල්ලියක් විසින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා විවිධ ස්ථානවලට මාරු කර වධ හිංසා කළ බව ඔහු පාපොච්චාරණය කර තිබුණා.
අනතුරුව එම පුද්ගලයා පලාගිය නිවසට රැගෙන ගිය පොලිසිය සාක්ෂි සටහන් කරගෙන අධිකරණ වෛද්‍ය සාක්ෂි ලබා ගැනීමට පියවර ගත්තා.
එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.