වනිඳු පසුබසී

වනිඳු පසුබසී

ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නවතම ICC විස්ස‍යි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් පසුබැස තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් ඛාන් එහි පෙරමුණ ගැනීමත් සමගයි.

අයි.සී.සී. විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මීට පෙර වනිඳු හසරංග පෙරමුණ ගත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් දෙවැනි ස්ථානයට පත් කරමින්.

කෙසේවෙතත් මේ දිනවල පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ රශීඩ් ඛාන් දැක්වූ දක්ශතා හේතුවෙන් නැවතත් ඔහු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන තිබෙනවා.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සටහනේ වනිදුට දෙවැනි වෙමින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක ෆසල්ලා ෆරූකි සිටින අතර ඔහු වනිඳුට වඩා ප්‍රසාද ලකුණු තුනක් පසුපස සිටින්නේ ලකුණු 692ක අගයක් වාර්තා කරමින්.

එම ශ්‍රේණිගත කිරීම් හි 13 වෙනි ස්ථානය මහීෂ් තීක්ෂණ විසින් හිමි කරගෙන තිබෙනවා.

Share This