
වන අලියකුගේ හැපී ලොරියක් පෙරළී කුකුළන් රැසක් මරුට (VIDEO)
දඹුල්ල, බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ දී අද(26) අලුයම කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළී ගොස් එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර සමග විශාල කුකුළන් පිරිසක් මියගොස් සිටි අතර වනජීවී නිලධාරීන් පැවසුවේ වන අලියා කැලෑවට පළා ගොස් ඇති බවයි.
දඹුල්ල දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ කුකුළන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථය වේගයෙන් ගමන් කරද්දී එක වැරම වන අලියෙකු මාර්ගය හරහා පැනීම හේතුවෙන් ලොරි රථය අලියාගේ ඇඟේ හැපී රියදුරුගේ පාලනයෙන් මිදී රථය පෙරළී ගොස් තිබෙනවා.
රථයේ පිටුපස සිටි කුකුලන් ලොරිය පෙරළුන ස්ථානයේ විශාල සංඛ්‍යාවක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා.
පණපිටින් සිටි කුකුළන් මාර්ගය පුරා වැටී සිටියා.
වනජීවී නිලධාරීන් ස්ථානයේ පරීක්ෂාකොට බලා සඳහන් කළේ වන අලියාට මෙම අනතුරින් තුවාල සිදුවී ඇත්ද යන්න මෙතෙක් නිසි ලෙස අනාවරණය කර ගැනීමට නොහැකි වීැති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී ලොරි රථයේ කුකුළන් 1100 කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති බවත්, පුද්ගලයන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළා.