වන අලියකු පහර දී ගොවි ජීවිතයක් අවසන්

වන අලියකු පහර දී ගොවි ජීවිතයක් අවසන්

මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ මන්තලාව කුඹුරු යායේදී තම කුඹුරට ගිය මුස්ලිම් ජාතික 65 වැවිරිදි සිව් දරු පියෙකුට වන අලියකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මියගිය පුද්ගලයා ඊයේ පස්වරු 5 ට පමණ තම කුඹුරට ගොස් තිබෙන්නේ අද දිනයේදී අස්වනු නෙළීම සඳහා අවශ්‍යතාවයන් සකස් කිරීමටයි.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට වන අලියා පහර දී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවකු සඳහන් කර ඇත්තේ.

මීටර් තිහක පමණ දුරක් මේ පුද්ගලයා වන අලියා සමග දුව ගොස් ඇති අතර තම කුඹුර ආසන්නයේ තිබෙන ගසක් යට දී මෙසේ වන අලියා පහරදී තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහු ප්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව වා‍ර්තා වුණා.

 

Share This