වන ජීවී පමාවෙන් වන අලියකුට ජීවිතය අහිමි වේ

වන ජීවී පමාවෙන් වන අලියකුට ජීවිතය අහිමි වේ

අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ වගා ලිඳකට වැටී සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ, වනජීවී නිලධාරීන් වන අලියා බේරාගැනිමට ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

අනුරාධපුරය, ගල්කඩවල ප්‍රදේශය නිරන්තරයෙන් වන අලි ගැටලුවට ලක්වන ගම්මානයක්.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳ බලධාරීන්ගෙන් කොතෙක් විසඳුම් ඉල්ලා සිටියදී මේ වන තෙක් මෙම ගැටලුවට නිසි විසදුම් ලැබී නැහැ.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම වන අලින්ට ද නිරන්තරයෙන් ජීවිතවලින් වන්දි ගෙවිමට සිදුවනවා.

මෙවන් පසුබිමක රඹෑව , කෑදෑව, ගල්කඩවල ප්‍රදේශයේ වගා ලිඳකට වන අලියෙකු වැටී ඇත්තේ පෙරේදා(26) රාත්‍රියේදීයි.

ප්‍රදේශවාසින්ගේ දැනුම් දීම මත එම ස්ථානයට වනජීවී නිලධාරීන් ද පැමිණිය ද ඔවුන්ට ආපසු හැරීයාමට සිදුව ඇත්තේ, වන අලියා ගොඩගැනීම සඳහා අවශ්‍ය බැකෝ යන්ත්‍රයක් නොමැතිවිම හේතුවෙන්.

කෙසේ වෙතත්, දිගු වේලාවක් ලිඳ තුළ වැටී සිටි වන අලියාට පසුව සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණා.

Share This