වයඹ දිග චීනයේ ඇතිවූ භූමිකම්පාවෙන් 111ක් මරුට -220කට තුවාල (VIDEO)

වයඹ දිග චීනයේ ඇතිවූ භූමිකම්පාවෙන් 111ක් මරුට -220කට තුවාල (VIDEO)

වයඹදිග චීනයේ ඊයේ (18) රාත්‍රියේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

චීනයේ Gansu පළාතට මෙම භූමිකම්පාව ඇතිව ඇති අතර, එහි සහ අසල්වැසි කිංහායි පළාතේ ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රභලත්වයක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් යුක්ත වූ බවයි.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග කර ඇති බවද සඳහන් .

ඒ අනුව කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින අය සොයා ගැලවුම්කරුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ

ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල විදුලිය හා ජල සැපයුම ද ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This