වයින් විනාශ කිරීමට ප්‍රංශය යුරෝ මිලියන 200ක් වැය කරයි

වයින් විනාශ කිරීමට ප්‍රංශය යුරෝ මිලියන 200ක් වැය කරයි

ඉල්ලුම පහත වැටීමත් සමග අතිරික්ත වයින් විනාශ කිරීමට සහ නිෂ්පාදකයින්ට සහය වීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200ක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස වයින් විනාශ කර දැමීමට සිදුව තිබෙන්නේ වැඩි පිරිසක් craft beer පානය කරන බැවින් වයින් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඇතුළු වයින් කර්මාන්තයට පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන්.

අතිරික්ත නිෂ්පාදනය සහ ජීවන වියදම් අර්බුදය ද වයින් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

අතිරික්ත නිෂ්පාදනය කපා හැරීමේ උත්සාහයක් ලෙස, වයින් නිෂ්පාදනය කරන්නන් සඳහා ඔලිව් වැනි වෙනත් නිෂ්පාදන වෙත මාරු වීමට ප්‍රංශයේ රජය මුදල් ලබා දෙන බවයි සඳහන් වන්නේ.

කර්මාන්තයට මුදල් යෙදවීමේදී ප්‍රංශ ආණ්ඩුව විසින් වයින් නිෂ්පාදකයින්ට නැවත ආදායම් මාර්ග සොයා ගත හැකි වන ලෙස සහය විය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau පවසන්නේ.

ජූනි සිට ජුලි දක්වා යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන්නේ වයින් පරිභෝජනය ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% ලෙස පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This