වසන්තා හඳපාන්ගොඩ අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ ප්රබල ක්රියාකාරිනියක වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ මියගොස් ඇති බව සඳහන්.
ඇය වෘත්තියෙන් ගුරුවරියක් වන අතර පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර ලබමින් සිටින අතරතුර මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මහත්මිය පිළිබඳ සමාජයේ වඩාත් කතාබහට ලක්වී තිබුණේ පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුවයි.