
වසර 100 කට පසු ඇමෙරිකාවේ ටෙක්සාස් හි ඇති වූ ගංවතුරෙන් 24 කට වැඩි පිරිසක් මරුට – දැරියන් 20 ක් අතුරුදන්
ඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ අලුයම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
ටෙක්සාස් හි කර් (Kerr) ප්‍රාන්තයේ පෞද්ගලික ක්‍රිස්තියානි ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික් හි තවමත් ගැහැණු ළමයින් 20 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පැය දෙකකට අඩු කාලයකදී අඩි 20 කට වඩා ජල මට්ටම ඉහළ ගිය බව වාර්තා වුණා.
බලධාරීන් පවසන්නේ ටෙක්සාස් හි කර් (Kerr) ප්‍රාන්තය පුරා මේ දක්වා පුද්ගලයින් 230 කට වැඩි පිරිසක් බේරාගෙන හෝ ඉවත් කර ඇති බවයි.
මෙම කලාපයේ ඇතැම් ප්‍රදේශ වෙත මෙවැනි ගං වතුර තත්ත්වයක් ඇතිව ඇත්තේ වසර 100 කට පසුව වාර්තා කළා.