
වසර 15 කට පසුව මැදිරිගිරිය නගරයට වන අලි ඇවිත්
පොළොන්නරුව – මැදිරිගිරිය අවට මේ දිනවල වන අලින් සැරි සැරීම ඉහළ ගොස් තිබෙනවා.
අදත් උදෑසන මැදිරිගිරිය නගරයට පැමිණ සිටි වන අලියකු සහ ඇතකු එහි නිදහසේ සැරි සරනු දක්නට ලැබුණා.
අප වාර්තා කරු පැවසුවේ මෙම වන අලින් දෙදෙනා මැදිරිගිරිය ඔරලෝසු කනුව අසල සිට මැදිරිගිරියේ ඉන්ධන පිරුම්හල අසලින් කුඹුරු ඔස්සේ ගමන් කර නැවතත් මැදිරිගිරිය චෛත්‍ය රක්ෂිතයට ගිය බවයි.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මැදිරිගිරිය නගරයට මෙසේ වන අලින් පැමිණ ඇත්තේ වසර 15කට පමණ පසු බවයි.

