ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අද (29) උදෑසන එම ස්ථානයේ සිදු කළ වැටලීමක් සිදු කළ බවයි

අත්අඩගුවට ගත් සැකකරු 56 හැවිරිදි වියේ පසුවන සියඹලාගහවත්ත සීදූව ප්‍රදේශයේ පදිංචි අයෙක්

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන තිබෙනවා

මේ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Share This