
ව්‍යාපාරයට උරදෙන්න ව්‍යාපාර පුහුණු උපදේශක වැඩසටහනක්
එළඹෙන වසර කීපය තුළ සෑම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකම සංවර්ධනයට උරදෙන දක්ෂ ව්‍යාපාර උපදේශකයෙක්, සබඳතා නිලධාරීයෙක් බිහි කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරෙනවා.
බස්නාහිර පාලාතේ SEDD ආයතනයේ සංවර්ධන නිලධාරීන් 53ක් මාස හයක ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුවක් SLIM ආයතනය හා ඒකාබද්ධව අද(29) ආරම්භ කළා.
ව්‍යුහගත කුසලතා සංවර්ධනය සහ වෘත්තීය පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යවසාය අංශය නඟා සිටුවීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු කුසලතා වර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය සමඟ සහයෝගයෙන් SLIM, සහතිකලත් සම්බන්ධතා නිලධාරී වැඩසටහන දියත් කර තිබෙනවා.
මෙය සහතිකලත් ව්‍යාපාර උපදේශකයෙකු වීමට මග පාදනවා.